“ශාන්තිකර්ම වල නොදකින පැතිකඩ”
වසර දහස් ගණනකට පෙර විසූ අපේ පැරැන්නන් පරිසරය සමග අපට තිබූ සම්බන්ධය පිළිබඳව ඉතා හොඳින් දැන සිටි බව නොරහසකි. මෙය මට පමණක් නොව ඔබට ද විශ්වාස කිරීමට සිදුවන තරමේ සාක්ෂි ඉතිහාසය තුළ ඕනෑ තරම් හමුවේ. ග්‍රහතාරකා ප්‍රධාන කොටගත් පරිසර පද්ධතිය සමඟ මිනිසා ඇතුළු සියලු සත්වයින් අතර පවතින පුදුමාකාර ආශ්චර්යමත් සහසම්බන්ධය පරිසරය පිළිබඳව ඉගැන්වෙන ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් මනාව පැහැදිලි වේ. මිනිසා ඇතුළු සියලු සත්ත්වයන්ට බලපාන අපල උපද්‍රව, විවිධ විපත්ති කරදර, අනේකවිධ බාධක, කර්මවිපාක, වාස්තු ගැටලු, ආදි මේ සියලු උපද්‍රවයන්ගෙන් සහන ලබා ගැනීම සඳහා අපේ පැරැන්නන් ඉතා හොඳින් දැන සිටි පරිසරය තුළ පවතින යම් යම් බලවත් පරිසර ශක්තින් හා සම්බන්ධ වෙමින් ඒවා මෙහෙහෙමින් විවිධ චාරිත්‍ර වාරිත්‍ර වල යෙදෙමින් පරිසරයේ ම පිහිට පැතුහ. චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමෙන් ඔවුන්ගේ ජීවිත වඩා යහපත් විය. වසර දහස් ගණනකට පෙර ඔවුන් ලැබූ අත්දැකීම් පිළිබඳව අද ද අප යුහුසුළුව ඔවුන් පුරුදු පුහුණු කළ සිරිත් විරිත් ගැන සොයමින් සිටි. අපගේ ජීවිත වලට පැමිණෙන අපල උපද්‍රව මෙන්ම විවිධ විපත්ති කරදර වලදී බොහෝ දෙනා ගුප්ත ශාස්ත්‍ර වල පිහිට පැතීමට පුරුදු වී සිටිති. සමහරු ගුප්ත ශාස්ත්‍ර විශ්වාස නොකරති. ඔවුන් චාරිත්‍ර වාරිත්‍ර ගැන ද නොදනිති. තවත් සමහරු ගූප්ත ශාස්ත්‍ර වලින් මුලාවී තමන් වෙත පැමිණි කරදර විපත්ති වලින් තව තවත් පීඩා විඳිති. තවත් සමහරු මෙම ඉතා වටිනා ගුප්ත ශාස්ත්‍ර දැනුම භාවිතා කරමින් තම ජීවිතය ඉතා හොඳින් යහපත් කර ගනිති. මෙය මෙසේ වීමට ගුප්ත ශාස්ත්‍රය, ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ආදිය පිළිබඳව සමාජය හරි හැටි දැනුවත් නොවීම ප්‍රධාන හේතුවක් ලෙස දැක්වීම නිවැරදි යැයි මම සිතමි. අපල උපද්‍රව වලින් මිදී විපත්ති කරදර අඩු කරගනිමින් සෞඛ්‍ය සම්පන්නව සතුටින් ජීවත් වීමට සෑම මනුස්සයෙකුටම හැකියාව පැවතියත් වර්තමානයේ එය එසේ නොවන බවක් පෙනේ. අපල උපද්‍රව විපත්ති කරදර සෑම මනුෂ්‍යයෙකුටම කර්මානුරූපව බලපාන බව අප දනිමු. මේවායින් මිදී සුව සහනය ලබා ගැනීම සඳහා පැරැන්නන් භාවිතා කළ චාරිත්‍ර වාරිත්‍ර විධි ශාන්තිකර්ම නමින් හැඳින්වේ. මෙම ශාන්තිකර්ම අවබෝධයෙන් හා නිසි ලෙස භාවිතා කිරීමෙන් උසස් ප්‍රතිඵල ලද හැකිවේ.
ශාන්තිකර්ම නිසි ලෙස භාවිතා කිරීමට ප්‍රථම දේශීය වෛද්‍ය ක්‍රමයේ දී රෝගය හඳුනාගෙන, රෝග නිධානයට ප්‍රතිකාර කරන්නා සේම ගුප්ත ශාස්ත්‍ර භාවිතාකිරීමේ දී අපලය, විපත, රෝගය, නිසිලෙස හඳුනා ගැනීම ඉතා වැදගත් වෙි. උගත් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුට මෙය අපහසු නැත. මෙහිදී ද හේතුව හෙවත් නිදානයට ප්‍රතිකාර කිරීමෙන් ශාන්තිකර්මයේ නිවැරදි ඵලය උපරිමයෙන් ලබා ගත හැකිවේ. දේශීය වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම ගුප්ත ක්‍රමවේද භාවිතා කර ශාන්ති කර්ම සිදු කිරීමේදී ද පූර්ව ප්‍රධාන හා පශ්චාත් කර්ම සහිතව අංග සම්පූර්ණ ශාන්ති කර්ම සිදු කිරීම ඉතා වැදගත් වේ. පේවීම, ශාරීරික මානසික වශයෙන් ශාන්තිකර්ම සඳහා සූදානම් වීම, පූර්ව කර්ම ගණයට අයත් වේ. පැරැන්නන් මෙම පූර්ව කර්මය සඳහා වැඩි නැඹුරුවකින් කටයුතු කලේය. මෙම පෙර සූදානම හෙවත් පූර්ව කර්මය, පේවීම, ශාන්තිකර්මය වලදී පමණක් නොව අපගේ සියලු ක්‍රියාකාරකම් වලදී ද ඉතා වැදගත් වෙයි. මැණික් පැලදීම, යන්ත්‍ර බැදීම, තොවිල් කිරීම, පූජා පැවැත්වීම, ඖෂධ වර්ග භාවිතය, භාරහාර, සෙත්කවි, පිරිත් ගායනා, ඔසුපැළ රෝපනාදී සෙත් ශාන්තිය පතා සිදුකරන ලබන ප්‍රධාන කර්ම, පූර්ව කර්ම වලින් පසුව සිදුකළ යුතුය. දේශීය වෙදකමේ ආහාරපාන හා විහරණ වර්ජනය කරන්නා සේම ප්‍රධාන කර්ම වලින් පසු පශ්චාත් කර්ම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙහිදී ධර්මානුකූල වීම, යහපත් ගුණධර්ම වැඩීම, ආදිය කෙරෙහි උනන්දුවක් දක්වන තරමට ප්‍රධාන ශාන්තිකර්ම වල බලය, ශක්තිය, වැඩෙී. එහෙත් වර්තමානයේ මෙලෙස ශාන්තිකර්ම සිදුකර ගැනීමට බොහෝදෙනා අපොහොසත් වන්නා සේම ඒවායින් නිසි එලද නොලබති. ශාන්ති කර්ම සිදුකර දෙන බොහෝ දෙනා සිටිති. ඔබ යම් අපල උපද්‍රවයක් හෝ ඔබට යෙදුන පීඩාකාරී තත්වයක් වෙනුවෙන් ශාන්තිකර්ම සිදුකර ගන්නා විට එය සිදුකරන්නා කෙබදු පුද්ගලයකු දැයි දැන සිටීම ඉතා වටිනා සුවිශේෂී කාරණාවක් ලස දකිමි. උගත්, බුද්ධිමත්, ආදර්ශමත්, චරිතවත්, පරාර්තකාමි, ගති ඇති, ගුණ ධර්ම ආරක්ෂා කරන යමි අයෙක්, වේ නම් ඔහු විසින් සිදුකරන ශාන්තිකර්ම තුළින් ආතුරයාට හොද ප්‍රතිඑල ලද හැකිය. මෙයද රෝග සදහා ප්‍රතිකාර කරන පලපුරුදු වෛද්‍යවරයාගේ අත් ගුණය මෙනි. මෙලෙස පැරැන්නන් විසින් මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස හැඳිනගත් සිරිත් විරිත් හෝ ශාන්තිකර්ම ආදිය වැරදි ලෙස භාවිතා කරමින් එම ප්‍රතිඵල විරහිත වූ විට ශාන්තිකර්මාදී වලට දොස් නැගීම නොකල යුත්තකි. නොකළ යුතු දේ හෙවත් චාරිත්‍ර වර්ධනය කරමින්, අත්හරිමින්, පෙර සූදානමක් ඇතිව සෙත් ශාන්තියට සුදුසු අයෙකුගෙන් සුදුසු ශාන්තිකර්ම සිදුකර ගනීමින් ඒ පිලිබදව පසු අවදානයද සහිත වීමෙන් ඔබෙී අපල උපද්‍රව හෝ විපක්ති කරදර, රෝගාබාද සදහා සිදුකරගන්නා වූ පුරාණ සිරිත් හෙවත් බලගතු ශාන්ති කර්ම ඉතා පැහැදිලි ලෙස ඔබේ ජීවිතයේ සතුට, සැනසුම, සෙත් ශාන්තිය උදා වනවා පමණක් නොව ශාන්තිකර්ම නිවැරදිව භාවිතා කිරීෙමන් යහපත් අත්දැකීමක් විදගැනීමට ද ඔබට අවකාශ සැලසෙනු නොඅනුමානයි.
0 Comments