Let Us Face Adversity Without Fear

“අපල වලට නොබියව මුහුණ දෙමු”

සාමාන්‍ය ජන වහරෙහි අපල යන්නෙහි අදහස වැඩි දෙනා අතරේ ප්‍රචලිත ඔවුන් දන්නා ධර්මතාවයකි. සාමාන්‍ය ජන වහරෙන් ඔබ්බට ගියහොත් ජ්‍යොතීර්විද්‍යානුකූලව මනුෂ්‍යාට අපල උදාකරන විධි පිළිබඳව මුල ධර්මතා ගණනාවක් ඔස්සේ විස්තර කරදී ඇති බව ජ්‍යොතීර්විද්‍යාව පිළිබඳ ලියවී ඇති පොත පත පරිශීලනයෙන් මනාව අප කාහටත් වටහා ගත හැකි වෙයි. මෙම අපල වලින් සෙනසුරු ඒරාෂ්ඨක අපල, රාහු අපල, කේතු අපල ආදී වශයෙන් වැඩි දෙනා අතර ප්‍රචලිත අපල වර්ග කීපයකි. තවද මෙසේ ජනවහරේ ප්‍රචලිත වු වැඩිදෙනා බියට පත් වන මේ ආදී අපල වලට අමතරව ග්‍රහයින් අතරින් ඕනෑම ග්‍රහයෙකු ගෙන් ජන්මියාට පීඩා ගෙනදෙන අපල උපද්‍රවකාරී තත්වයන් ඇති විය හැකියි. ලෙඩරෝග, ණය-තුරුස්, නින්දා අපහාස, රැකිරක්ෂා ප්‍රශ්න, මේ ආදියෙන් දුෂ්කරතාවලට පීඩාවට යමෙක් පත්වුවහොත් ජ්‍යොතීර්විද්‍යාව, භූත විද්‍යාව හෝ ආගම-ධර්මානුකූලව පිහිට පැතීමට යොමු වීම නිරායාසයෙන්ම සිදුවන්නකි.

ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා, උපන් වේලාවට අනුව ලග්නය ගැන බලා ඒ ආශ්‍රිතව ඇති වී ඇති අපල උපද්‍රව පිළිබඳව විස්තර පැවසීමේදී අසීමිත ලෙස බියට පත් වී තම වැඩ කටයුතු පවා අවුල් කර ගනිමින් සමහර අවස්ථාවලදී එම වියවුල් වලින් ජීවිතයෙන් වන්දිගෙවීම දක්වා පැතිර යා හැකි අවස්ථා අසන්නට දකින්නට ඕනෑ තරම් සමාජයේ දී අපට හමුවී තිබේ. එවැනි අවස්ථා වලදී ද විවිධාකාර අපලයන් පිළිබඳව දැනුවත් වී ඒ සඳහා නිර්දේශිත ශාන්තිකර්මද කර ගනිමින් ඒවා සාර්ථක නොවී අසාර්ථක වු අවස්ථා පිළිබඳවද අසන්නට දකින්නට තිබුනද බොහෝ දෙනා අපල සඳහා නිර්දේශිත ශාන්ති කර්ම වු බෝධි පූජා පැවැත්වීම, සෙත් කවි කියවීම, ග්‍රහ පුජා පැවැත්වීම, අපලකාරී ග්‍රහයින් සම්බන්ධයෙන් නියමිත දේව නාමයන්ට භාර හාර වීම, යන්ත්‍ර පැලදීම් ආදී ශාන්තිකර්ම කෙරෙහි වැඩි දෙනාගේ උනන්දුවක් පවතින්නේ එම ශාන්තිකර්ම නිවැරදි ලෙස කර ගනිමින් අපල කාල වලදී පමණක් නොව තම ජීවිත කාලය තුලදීම ප්‍රතිපත්ති ගරුකව ආගම ධර්මානුකූල වීමෙන් අපල කාල වලදී අපල අවම ප්‍රතිශතයක් දක්වා අවම කර ගෙන අපල සඳහා නොබියව අවබෝධයෙන් මුහුණ දෙමින් ජීවිතය ජය ගත් පිරිසක්ද ඇති බැවිනි.

තම පවුලේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයාගෙන් තම ජන්ම කේන්දරය පරීක්ෂා කර බලා පැහැදිලි කරදෙන අපල උපද්‍රව පිළිබඳව හොදින් වටහා ගෙන ඒ සඳහා නිර්දේශිත ශාන්ති කර්ම වලට සුදානම් වීමේදී එම ශාන්ති කර්ම වලින් හුදෙක් යහපත්ම වු ප්‍රථිඵල ලැබීමට පෙර කී අපලයන්ට මුහුණ දෙන ජන්මියාද විශේෂයෙන් ප්‍රතිපත්ති ගරුකව ආගම ධර්මනුකූල වී කරුණාවන්ත මෛත්‍රී සහගත සිතිවිලි පෝෂණය කර ගනිමින් උතුම් හදවතක් ප්‍රගුණ කර ගැනීමෙන් ශක්තිමත් වීම වැදගත් අත්‍යාවශ්‍ය කාරණාවක් බව පැහැදිලි කර ගන්නෝ තම අපල කාලයන්ට සාර්ථකව මුහුණ දී ජීවිතය ජයග්‍රහණය කරගන්න අය අතරට එක්වෙයි.

තවද එම ජන්මියාගේ කේන්දරයේ ග්‍රහ බලපෑම් හේතුවෙන් යෙදී ඇති දුර්වලතා අඩුපාඩු වන ඉවසීම මදි බව, කම්මැලි බව, ඉක්මනින් කේන්තියාම, රැවටීම් මුලා වීම් වලට හසුවීම, ආත්මාර්ථකාමී බව, උඩගුබව, ආදී දේ හොදින් හදුනාගෙන බුද්ධිමත්ව ඊට ප්‍රතිවිරුද්ධ කටයුතු ප්‍රගුණ කිරීමට උත්සහ ගැනීමද තවත් වැදගත්වු කාරණාවක් වෙයි.

මෙකී සියලු කරුණු කාරණා අතරේ ජ්‍යොතිෂයේ දී විග්‍රහ කරන අපල, පිළිබඳව විශ්වාස නොකරන පිරිසක්ද වෙයි. මේ අය බොහෝ දුරට සිදුවන දේ බාර ගනිමින් නිතර නිතර හෝ ඉද හිට හෝ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙමින් මානසික පීඩාකාරී බව වර්ධනය කර ගනිමින් වාසනාව උරගා බැලීමට ලක්වෙති. අපල කාල වලදී පමණක් නොව සෑම විටම තමන්ට ග්‍රහ බලපෑම් හේතුවෙන් උරුම වු අයහපත් ගති හොඳින් හදුනා නොගෙන අවබෝධයක් නොලබ ඊර්ෂියාකාරී, වෛරී තෘෂ්ණා සහගත සිතිවිලි පෝෂණය කිරීමට මහත් උත්සහයක් ගන්නා, අපල යයි කියු සැනින් අදාල ශාන්ති කර්ම කරමින් අපල සපල කරගනු වස් තම කාලය ධනය ශ්‍රමය නාස්ති කර ගනිමින් හානි පමුණුවාගෙන අවසානයේ හිත හදා ගන්නා පිරිසක්ද විටෙක අපට දක්නට ලැබී ඇත.

ඔබ යම් අපලයකින් පීඩාවට පත්වී ඇත්නම් එම අපල කාලය සපලකර ගැනීමට ඔබටම ශක්තිමත් උත්සහයක යෙදිය හැකිය. ඔබට යෙදී ඇති අපල උපද්‍රවයන් පිළිබඳවත් ඔබේ ජීවිතයට ග්‍රහබලපෑම් හේතුවෙන් යෙදී ඇති දුර්වලතාවයන් හෝ වෙනත් ඔබේ ජීවිතයේ යහපැවැත්මට අනර්ථයක්වු අයහපත් ගති සිරිත් පුරුදු පිළිබඳව හොඳින් අවබෝධ කර ගැනීම තුලින් ඔබට ඔබේ ජීවිතය තරමක් හෝ සැලසුම් කර ගැනීමට ඔබට උත්සහ කල හැකිය. ඒ අනුව ආගම ධර්මයට යොමුවී කටයුතු කිරීමට පෙළඹීමද යහපත් ගතිගුණ ප්‍රගුණ කිරීමට උත්සහ දැරීම තුලින් පෙරකී ඒ ඒ ග්‍රහයන්ට නියමිත ශාන්තිකර්ම වල යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඔබේ දෛවය ඔබට උපකාර කරණු ඇත.

Veteran-Astrologer,-Mahesh-Kokurangoda.
ප්‍රවීණ ‌ජ්‍යොතිර්වේදී, දේශමාන්‍ය, දේශබන්දු,

මහේෂ් කොකුරන්ගොඩ.

Featured

Related Posts

When You Are Get-Ready For Marriage

"ඔබ විවාහට සූදානම් වන විට" ඔබ විවාහට සූදානම් වන විට, ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ද විවාහ වන දෙදෙනාගේ ඊට ගැළපෙන සුදුසුකම් පරික්ෂා කිරීම සඳහා පෙළඹේ. මෙහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ පොරොන්දම් ගැලපීම අනුව විවාහය සුදුසු, නුසුදුසු බව තීරණය කර ගැනීමයි. පොරොන්දම් නොබලා විවාහ වී...

read more

You May Also Like…

The Unseen Aspect of Rituals

The Unseen Aspect of Rituals

"ශාන්තිකර්ම වල නොදකින පැතිකඩ" වසර දහස් ගණනකට පෙර විසූ අපේ පැරැන්නන් පරිසරය සමග අපට තිබූ සම්බන්ධය...

read more
When You Are Get-Ready For Marriage

When You Are Get-Ready For Marriage

"ඔබ විවාහට සූදානම් වන විට" ඔබ විවාහට සූදානම් වන විට, ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ද විවාහ වන දෙදෙනාගේ...

read more

Comments

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Need Help?

Get In Touch

Follow Us