ලග්න පලාඵල (2021 නොවැම්බර් 16 සිට දෙසැම්බර් 15 දක්වා)
ඔබේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම හා දැනට ගෙවන දසාකාල හෝ ඒවා ගේ සුබ අසුබ තත්ත්වයන් මත ජන්මියාගෙන් ජන්මියාට මෙම පලාපල තරමක් වෙනස් විය හැක. ඒ බව කරුණාවෙන් සලකන්න. එහෙත් හැකිතාක් දුරට ඔබට ප්‍රයෝජනවත් ලෙස තත්කාල ග්‍රහ චාරය පදනම්ව මෙම පලාපලා විස්තර ඉදිරිපත් කරමු.
මේෂ ලග්නය
මෙතෙක් පැවති උද්යෝගිමත් බව තවදුරටත් පවත්වාගෙන යා හැක. වෙනදාට වඩා ධෛර්යය සම්පන්න බවක් ඇති වෙි . ඇසුරු කරන අයගෙන් පීඩා ඇතිවීමට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වීම ප්‍රයෝජනවත් වේ. මාසය අවසාන වනවිට තරම ක ප්‍රකෝපකාරී සිතුවිලි පැන නැගීමේ ප්‍රවනතාවයක් ඇති වෙී. අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු තරමක පසුබෑමක් ඇති විය හැකි බැවින් ඔවුන්ගේ ඵ් සදහා ඇති උනන්දුව වැඩිකර ගත යුතුය. රැකියා කටයුතු බලාපොරොත්තුවෙන් සිටින ඒ සඳහා වෙනදාට වැඩි උනන්දුවකින් කටයුතු කරගත යුතු අතර රැකියා කටයුතු වල නිරත වන්නන් වගකීමෙන් හා උනන්දුවෙන් රැකියා කටයුතුවල නිරත විය යුතු කාල වකවානුවකි. ගෙදරදොර ජීවිතය හා විවාහ ජීවිතය සම්බන්ධයෙන් වඩා බුද්ධිමත්ම කටයුතු කළ යුතුයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා මංපෙත් විවෘත වේ . මාසයේ අවසාන භාගය උරුම හිමිකම් රාජ්‍ය හිමිකම් ලොතරැයි වාසනා ආදි කිසියමි ආකාරයක ලැබීම් ඇති වේ. කුස්ට රෝග අර්ශස් වැනි රෝග තත්ත්ව පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය. මෙතෙක් තිබූ පසුබෑම මාසය අවසන් වන විට ඉවසීම ප්‍රගුණ කරමින් මෛත්‍රී සහගතව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පවතින අගුණ තත්වයන් අවම කරගත හැකිය.
වෘෂභ ලග්නය
වගකීම් පැහැර නොහැර කටයුතු කළ කාලයක් බව පෙනේ . සිතේ සහනය උත්සාහයෙන්ම පවත්වා ගත යුතු බව පෙනේ. මාසයේ අවසන් වන විට මේ තත්ත්වය වෙනස් වී පුණ්‍යවන්ත බවක් ඇතිවිම සිදු වෙි. තීන්දු තීරණ වල සෘජු බවක් ඇතිවෙි. වෘෂභ ලග්න දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව තිබූ පසුබෑම මාසය අවසන් වන විට තරමක් යහපත්වේ. වෛද්‍ය අධ්‍යාපනය සෞඛ්‍ය අංශ වල අධ්‍යාපනය ලබන්නන්ගේ උනන්දුව වැඩි වේ. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට හොඳයි. දැනට රැකියා වල නියුතු උසස්වීම් ආදිය බලාපොරොත්තුවෙන් සිටින අයට හොඳයි.ගෙදරදොර ජීවිතයේ යුග ජීවිතය පිළිබඳ අසමගිතා හෝ වෙනත් ගැටලු මතු විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය. උෂ්ණ රෝග සෙම් රෝග හෝ වෙනත් සොයා ගැනීමට හෝ තේරුම් ගැනීමට අපහසු ආකාරයේ රෝග පීඩා පිළිබඳව උනන්දු විය යුතුය. රහස් සතුරන් ගේ විරුද්ධවාදී කම් පිළිබඳව අවධානය වැඩිකරගත යතුය. සිතට එකගව ඉවසීමෙන් හා හොඳ අවබෝධයකින් ධෛර්යය සම්පන්නව කටයුතු කිරීමෙන් මෙම මාසය තුළ ඔබට ඇතිවන අගුණ තත්ත්වයන් මැඩ පවත්වා ගත හැකිය.
මිථුන ලග්නය
දැනට පවතින සාමකාමී ප්‍රබෝධමත් බව මාසය අවසානය තෙක්ම පවතී. පැත්තක් නොගෙන සැමදෙනා සමගම සාමදානය කටයුතු කිරීමට හැකියාව ලැබේ.දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු පිළිබඳ අදහසක් ඇතිවෙි.අධ්‍යාපන නිරතව කටයුතු කරන දරුවන්ගේ උනන්දු උත්සාහ.වැඩි වේ. මාසය අවසාන වනවිට එම තත්වය තරමක් දුර්වල විය හැකිය. රැකියා කටයුතු වල යම් පසුබෑමක් පෙන්නුම් කර ද මාසය අවසන් වන විට එය වෙනස් වෙයි. ව්‍යාපාර අංශයට සිත යොමු වන කාලයකි. කුමන කාරණාවක් සම්බන්ධයෙන් වුවත් බාධක මතුවිය හැක. නමුත් ඒවා ඉවත් ව යයි.ගෙදරදොර ජීවිතය හෝ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවන සැප පහසුකම් ඒ අයුරින්ම ලැබෙයි.ලේ දෝෂ කුෂ්ට රෝග උදර ආශ්‍රිත ව අම්ලපිත්ත වැනි රෝග තත්ව මෙන්ම රහස් සතුරැ බලපෑමි පිලිබදව සැලකිලිමත් විය යුතුය. සැප පහසුකම් කෙරෙහි අසීමිත ඇල්මක් නොදක්වා ගුණධර්ම රැකීමෙන් මෙම මාසය තුළ සිදුවිය හැකි අගුණ තත්ත්වයන් අවම කරගත හැකිය.
කටක ලග්න
තමා පිළිබඳ තමාට හොඳ විශ්වාසයක් සමග මාසය ආරම්භ වෙයි. හොඳ නරක තෝරා බේරා ගැනීමේ හැකියාව ලැබේ. ධෛර්යසම්පන්න වැඩ කිරීමේ හැකියාව ලැබේ. අධ්‍යාපනයෙහි නිරත වන්නන්ට හොඳයි. විවිධ භාෂා හෝ විවිධ ශ්‍රේෂ්ඨ පිළිබඳව සිත් යොමු වෙි. රැකියා කටයුතු පුරුදු ආකාරයෙන් කරගෙන යෑමට හැකියාව ඇත.රැකියා අපේක්ෂාවෙන් සිටින අයට ද හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වීමට පුළුවන. ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් පැවතුනද යුග දිවිය පිළිබඳව කටයුතු වලින් පසුබෑමක් ඇත. රෝග පීඩා ආදිය මේ සම්බන්ධයෙන් බලපායි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ කටයුතු සඳහා තරමක් උනන්දු විය යුතු බව පෙනේ. රෝග පීඩා උෂ්ණ රෝග මධුමෙිහාදී රෝග තත්ත්ව මෙන් අජීරණ වැනි රෝග තත්ත්ව පිළිබඳව සැලකිලිමත් වීම යෝග්‍යයි. බුද්ධිමත්ව අන් අයගේ විශ්වාසය රැකෙන පරිදි කටයුතු කරමින් ප්‍රතිශක්තිය වැඩි වෙන පරිදි ආහාර පාන ගැනීමෙන් ඇති වන අගුණ තත්ත්ව අවම කරගත හැකිය.
සිංහ ලග්නය
සිතෙහි ඵඩිතර ගතියක් ඇති වේ. අදහස් ගුප්ත ස්වභාවයක් ගනී. කඩිසර කලබලකාරී ලෙස එදිනෙදා කටයුතුවල නිරත වේ. අධ්‍යාපනය ලබන වයසේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තරමක කම්මැලි කාරි ස්වභාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සැලකිළිමත් විය යුතුය. උසස් අධ්‍යාපනය ලබන අයට යහපත් මානසිකත්වයකින් යුතුව අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකියි. රැකියා කටයුතු යහපත් නමුත් දැඩි තීන්දු තීරණ ගන්නා අදහස් මතුවුවද ඉන් වැළකී සිටීම වැදගත්ය.ගෘහජීවිතය හෝ විවාහ ජීවිතය තරමක් ගැටළු සහගත විය හැකිය. මේ සඳහා රෝග පීඩාදිය බලපෑ හැකිය. උදරගත වාත වේදනාව තේරුම් ගැනීමට තරමක් අපහසු රෝග තත්ත්ව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එදිනෙදා කටයුතු වල බාධාකාරී ස්වභාවයක් ප්‍රමාද දෝෂ ඉස්මතු වුවද ඒවා පසුව ඉවත් වෙයි.එදිනෙදා කටයුතු සරලව හා සැහැල්ලුවෙන් කරගෙන යෑමට උත්සාහ කිරීමෙන් මෙම මාසය ඇතිවිය හැකි අගුණ තත්ත්වයන් අවම කරගත හැකිය.
කන්‍යා ලග්න
කිසිවෙකුත් අමනාප නොකර කටයුතු කර ගැනීමට උත්සාහ ගනී. මෙම මාසය තුළම ඔබට කාලයෙන් නිසි ප්‍රයෝජන ගැනීමේ හැකියාව මතුකරයි. කතාව නිසා යම් යම් දුර්වලකම් මතු විය හැකි බැවින් ඒ බව තේරුම් ගෙන කතාබහ කිරීම සුදුසුය.අධ්‍යාපනය ලබන්නන්ගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය මට්ටමකින් පවත්වාහැකිය. විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන කටයුතු කරන්නන ධෛර්ය සම්පන්නව එම කටයුතු කරගෙන යා යුතුය. රැකියා අපේක්ෂාවෙන් සිටි අයටත් රැකියා කටයුතු වල නිරත අයටත් එම කටයුතු සාර්ථකව කර ගෙන යා හැකිය. ගෙදරදොර කටයුතු යුගදිවි කටයුතු සාර්ථකයි .නව නිවාස හැදීම නිවාස අලුත්වැඩියා කිරීම වැනි අදහස් ඇති විය හැකිය. විවාහ අපේක්ෂාවෙන් සිටින අයකු තම බලාපොරොත්තුව පිළිබඳ සුබවාදී තත්ත්වයන් යෙදේ. ලෙඩ රෝග සම්බන්ධයෙන් ශුභවාදී තත්ත්වයක් ඇති කරන කාලයකි. මෙම තත්ත්වය වඩා හොඳින් වැඩි දියුණු කර ගැනීමට ධාර්මික පිළිවෙත්වල පිහිටා කටයුතු කිරීම යෝග්‍යයි.
තුලා ලග්නය
කරදර බාධක පැමිණියද ඒවා අමතක කර දමා සැහැල්ලුවෙන් සතුටින්ගෙවිය හැකි මාසයකි. ධනවත් බලවත් මිතුරන් ඇසුරු කිරීමට උනන්දු වෙයි. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් දැක්වෙි. තම කටයුතු සඳහා සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙි. උනන්දුවේ තරමට ප්‍රථිපල ලැබිම කෙරේ සැලකිලිමත් වීම වැදගත් වේ. රැකිරක්ෂා කටයුතු වල යහපත් බවක් පෙනේ. එහෙත් කුමන හෝ ආකාරයට චිත්ත පීඩා රැකිරක්ෂා සදහා ඇති වෙි. රැකිරක්ෂා බලාපොරොතුවෙන් සිටින තුලා ලග්න හිමියන් වැඩි උනන්දුවකින් කටයුතු කල යුතුයි. ගෙදර දොර කටයුතු මෙන්ම ගෘහ ජීවිතය සාමාන්‍යයයි. ඵහෙත් සුළු සුළු ගැටළු අවස්ථා මතු විය හැකිය. පාද ආශ්‍රිත පීඩා සොයා ගැනීමට හෝ තේරුම් ගැනීමට අපහසු රෝග පීඩා කෙරේ සැළකිලිමත් වීම යෝග්‍යයයි. කතාව පිළිබද සැළකිලිමත් වීමද හොද යි. ඉවසීම ප්‍රගුන කිරීමද අත්‍යවශ්‍ය කාරනාවකි. ධාර්මික තත්වයෙන් දිගටම කටයුතු කිරීමෙන් මෙම මාසය තුල ඇති විය හැකි අගුණ තත්වය අවම කර ගත හැක.
වෘශ්චික ලග්නය
උනන්දුව උස්සාහය ආත්ම ශක්තිය තරමක් වැඩිවිම නිසා ඇසුරුකරන අය අතර ප්‍රධාන තැනක් හිමි වෙි. නම්‍යශීලි බව තරමක් අඩු වෙි. තරමක ගුප්ත ස්වභාවයක් ඉස්මතු වෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන වෘශ්චික ලග්න හිමියන් එම කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතු මාසයක් ලෙස පෙනේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් මානසික ව්‍යාකූලතා ඇතිවීමට ඉඩ ඇති බැවින් මානසික සහනය ලබා ගැනිමට කටයුතු කිරීම වැදගත්ය. රැකියා අපේක්ෂාවෙන් සිටින අය ඉවසීමෙන් යුතුව ඒ සඳහා උනන්දුව පවත්වාගෙන යා යුතු බව පෙනේ. ගෘහ ජීවිතය මෙන්ම යුග ජීවිතය සාම්‍යන්‍ය පරිදි පවත්වා ගෙන යා හැකි වුවත් දැඩි තීන්දු තීරණ ගන්නා අවස්ථා මතුවේ. රෝග පීඩා ආදී කටයුතු වෙනුවෙන් වියපැහැදම් ඇති විය හැකිය. හිස ආශ්‍රිත රෝග තත්ත්ව සෙම් රෝග ස්නායු ආබාධ මේවා ගැන සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ඉවසීම හා හා මානසික සහනය උදාකර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමෙන් මෙම මාසය තුළ සිදුවන අගුණ තත්ව අවම කර ගනිමින් ශාන්තියක් උදාකරගත හැක.
ධනු ලග්නය
සමාජසේවා කටයුතු කෙරෙහි වැඩිපුර උනන්දුවක් ඇතිවෙන කාලයකි. සෑමදෙනා සමගම සුහදව සමාදානයෙන් කටයුතු කළ හැකි වේ. සැප පහසුකම් කෙරේ උනන්දුව තරමක් වැඩිවෙී අධ්‍යාපන කටයුතු සදහා වන උනන්දුව උත්සාහය පවත්වා ගෙන යාමට සිදු වේ. ඒ සදහා හිත මිතුරන්ගේ සහයෝගය ලැබේ. රැකීරක්ෂා කටයුතු සදහ පවතින උනන්දුව වැඩි වේ. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට ඒ සදහා අන්අයගේ උදව් උපකාර බලාපොරොත්තු විය හැක. ගෘහ ජීවිතය හා යුග ජීවිතය සම්බන්ධව හොද ප්‍රවනතා මතු වේ. ආදරය කරැණාව වැඩිවේ. විශ්වාසය ගොඩ නැගේ. උදර ආශ්‍රිත ආහාර දිරවීමේ වැනි පීඩා කුෂ්ට රෝග තත්ව ආදිය බලපායි. හිසට මනසට පීඩාකාරී තත්ව බලපායි. කෙසේ නමුත් ලොතරැයි වාසනා හෝ වයස් ගත අයගේ උරැම හිමිකම් වැනි දේ පිළිබදව හොද ප්‍රවනතා මතු වේ. එදිනෙදා කටයුතු වල උනන්දුව උත්සාහය පවත්වාගෙන යමින් වැය පක්ෂය පිළිබදව හොදින් සැලකිලිමත් වී කටයුතු මෙම මාසය තුල පවතින අගුන තත්වයන් අවම කර ගත හැක.
මකර ලග්නය
බුද්ධිය මෙහෙයවා කරන වැඩකටයුතු වලට උනන්දුව ඇති වන මාසයකි. සමාජ කටයුතු සඳහා උනන්දුව අඩු වෙයි. එදිනෙදා කටයුතු කෙරෙහි උනන්දුව තරමක් අඩු වුවත් තරමක කලබලකාරී ගති මතුවෙයි. අධ්‍යාපන කටයුතු සම්බන්දයෙන් යහපත් ප්‍රවනතා මතු වේ. උසස් අධ්‍යාපනය ලබන්නන් එම කටයුතු කරේ ඉස්මතු වන කලබලකාරී ගතිය. පාලනය කරගත යුතුවේ. රැකීරක්ෂා අපේක්ෂාවෙන් සිටින අය සහ දැනට රැකී රක්ෂා වල නියුතු අය ද හොඳ අවබෝධයෙන් එම කටයුතු වල නිරත වීම අත්‍යාවශ්‍ය වෙයි. අනවශ්‍ය සිතුවිලි මතු වීම රැකියා කටයුතු වලට බාධක ලෙස ඉස්මතු වේ. ගෘහ ජීවිතයේ හෝ යුගදිවි කටයුතු වල පසුබෑම අපේක්ෂා කළ හැකිය ඒ සදහා මානසික පීඩා බලපෑ හැකිය. පාද ආශ්‍රිත රෝග පීඩා ලේ දෝෂ තත්ත්ව හිස ආශුිත මානසික ව්‍යාකූල තත්වයන් බලපෑ හැකිය.පවතින චිත්ත ශක්තිය වර්ධනය කර ගැනීමෙන් ඉවසීමෙන් ආදායම් පිළිබඳ කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීමෙන් මෙම මාසය තුළ ඇතිවන අගුණ තත්ත්වය අවම කරගත හැකිය.
කුම්භ ලග්නය
අරපිරිමැස්ම අතිවන කාලයක් වුවද අවශ්‍ය දේ සඳහා විය පැහැදම් කිරීම මැලි නොවේ. ඥාතීන් සඳහා උදව් උපකාර කිරීමට ලැබෙන කාලයකි. හිත මිතුරන්ගේ ද සහාය ලැබෙන කාලයකි. තරමක හිතුවක්කාර ගති ඉරියව් මතුවිය හැකි අතර අධ්‍යාපනය ලබන අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගත යෑමේ හැකියාව ලැබේ. රැකීරක්ෂා පිළිබඳ තරමක පසුබෑමක් ඇති වුවද ආදායම් ලැබීම් අතින් යහපත්ය. ගෙදරදොර කටයුතු වල තරමක ව්‍යාකූල තත්ත්වයක්පෙනුනද යුගදිවි කටයුතු වල යම් උද්‍යෝගිමත් බවක් දක්නට ලැබේ. ගුප්ත අංශ කෙරෙහි සිත් යොමුවේ. ශරීර උෂ්ණත්වය තරමක් වැඩි විය හැක. සෙම් සහිත රෝග තත්ත්ව පාද ආශ්‍රිත රෝග තත්ත්ව බලපාන්නට ඉඩ තිබේ.චිත්ත පීඩාද තරමක් බලපානු ලැබේ. හිතේ සහනය පිළිබඳ උද්යෝගිමත් වී සරල දිවි පැවැත්මක අපේක්ෂාවෙන් කටයුතු කිරීමෙන් මෙම මාසය තුළ ඇතිවිය හැකි අගුණ තත්ත්වයන් අවම කරගත හැකිය.
මීන ලග්නය
අන් අය සමග සමගියෙන් සහයෝගයෙන් කටයුතු කල හැකි මාසයකි. අන් අයට උදව් උපකාර කිරීමට ද අවස්ථාව උදාවේ. එහෙත් අස්ථාන චෝදනා පිළිබඳ සැලකිලිමත් වීම සුදුසුය. සුව පහසුකම් කෙරෙහි වැඩි නැඹුරුතාවයකින් යුතුව කටයුතු කිරීමට පෙලබේ. අධ්‍යාපන කටයුතු වල යම් යම් බාධක පැමිණිය හැක. මාසය අවසන් වන විට මෙතෙක් පැවති බාධක මඟහැරී යනු ඇත. රැකීරක්ෂා බලාපොරොත්තුවෙන් සිටින අයට එහි සුබ ප්‍රතිඵල මතුවුවද සැපපහසුකම් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වනු ලැබේ. උසස්වීම් යෙදුනද තරමක ප්‍රමාද දෝෂ මතුවේ. කෙසේ නමුත් රැකීරක්ෂා කටයුතුවල බලාපොරොත්තු පහසුකම් නොලද වුවත් උත්සාහයෙන් පවත්වාගෙ යා යුතු වේ. ගෙදරදොර කටයුතු යම් පසුබෑමක් පෙන්නුවද යුගදිවි කටයුතු සාර්ථක වන බව පෙනේ. උරුම හිමිකම් ආදිය යෙදුණත් ප්‍රමාද දෝෂ බලපාන්නට ඉඩ තිබේ. පාද ආශ්‍රිත කුෂ්ඨ රෝග මෙන්ම ලේ දෝෂ ස්නායු රෝග මේවා පිළිබඳව සැලකිලිමත් වීම සුදුසුය. වැඩි සැප සම්පත් වලින් තරමක් දුරස් වී පිළිවෙලකට එදිනෙදා කටයුතු වලට හුරු වීමෙන් මෙම මාසය තුළ ඇති වන අගුණ තත්වයන් අවම කරගත හැකිවේ.

0 Comments